කාර්‍යභාරය


ආයතන අංශය

  1. ආයතනයට පැවරී ඇති කාර්යභාරයට අදාළව ප්‍රඥප්ති සැකසිම හා තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කිරීම
  2. කාර්යාල නිලධාරින්ගේ හා ක්ෂේත්‍ර නිලධාරින්ගේ පෞද්ගලික ලිපිගොනු යාවත්කාලීන කිරීම, ස්ථාන මාරුවීම්, බඳවාගැනීම්, උසස් කිරීම් යනාදි කාර්යයන් සිදු කිරීම
  3. උඩුවර සමාධි මත්ද්‍රව්‍ය නිවාරණ පුනරුත්ථාපන මධ්‍යස්ථානය පවත්වාගෙන යාම
  4. වැඩිහිටි නිවාස, විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ විද්‍යාල – උපකෘත පාසැල් (කථන හා දෘශ්‍යාබාධිත), ආබාධ සහිත වුවන් සඳහා වු වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන වලට ආධාර කිරීම් හා එම නිවාස වලට පුද්ගලයින් ඇතුළත් කිරීම හා අධීක්ෂණය

ගිණුම් අංශය

  1. අක් මුදල් කළමනාකරණය හා වාර්ෂික ප්‍රතිපාදන වෙන්කර ගැනීම
  2. අභ්‍යන්තර විගණන විමසුම් හා විගණකාධිපති විසින් යොමු කර විගණන විමසුම් සම්බන්ධ කාර්යයන් ඉටු කිරීම
  3. පළාත් හා රාජ්‍ය ගිණුම් කාරක සභාවේ තීරණ ක්‍රියාත්මක කිරීම
  4. මුදල් පොත හා චෙක්පත් නිකුත් කිරීම සහ ගෙවීම් කටයුතු සම්බන්ධ කාර්යයන්
  5. පුනරාවර්තන වැය ඇස්තමේන්තු, මුල්‍ය ප්‍රගති වාර්තා, ආදායම් ගිණුම් හා වෙනත් ගිණුම් සැකසීම
  6. ජාතික අයවැයෙන් මුල්‍යනය කරනු ලබන ක්‍රියාකාරකම් වල මුල්‍ය හා භෞතික කාර්ය සාධනය මෙහෙයුම් කිරීම
  7. මිලදි ගැනීම් කාර්යයන් සිදු කිරීම හා ජංගම සේවා වැඩසටහන් පැවැත්විම

සංවර්ධන අංශය

  1. වාර්ෂික ක්‍රියාත්මක සැලැස්ම සකස් කිරීම, වාර්ෂික සමාජ සංවර්ධන වැඩසටහන් වල මුල්‍ය ප්‍රගතිය, භෞතික ප්‍රගති සැකසිම හා මාසික ප්‍රගති වාර්තා ඉදිරිපත් කිරීම
  2. සංවර්ධන වැඩසටහන්වල මාසික ප්‍රගතිය ඇතුළත් කර MMIS දත්ත පද්ධතිය යාවත්කාලින කිරීම
  3. සියළු ඉදිකිරීම් වලට අදාල කාර්යයන් සිදු කිරීම
  4. ආබාධ සහිත තැනැත්තන් සඳහා වු විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  5. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  6. නිලධාරින් සඳහා පුහුණු වැඩසටහන් පැවැත්විම
  7. සමාජ කතිකාවත වැඩසටහන ක්‍රියාත්මක කිරීම
  8. අධ්‍යාපන ආධාර හා නිවාස ආධාර ලබාදීම
  9. මාසිකව මහජනාධාර හා රෝගාධාර ගෙවීම
  10. අඩු ආදායම්ලාභීන් සඳහා ස්වයං රැකියා සඳහා ආධාර ලබාදීම
  11. අනියම් සහනාධාර ලබාදීම
  12. විශේෂ රෝගාබාධ වලින් පෙළෙන පුද්ගලයන් සඳහා වෛද්‍යාධාර ලබාදීම
  13. ඇස් කණ්නාඩි ලබාදිම
  14. ආබාධ සහිත තැනැත්තන් සඳහා අවශ්‍ය වන උපකරණ (රෝදපුටු, අත්වාරු,කිහිලිකරු, ශ්‍රවණ උපකරණ යනාදි) නිකුත් කිරීම