අප ගැන


දැක්ම

සුරක්ෂිත හා අයිතිවාසිකම් හිමිවූ සමාජයක්

මෙහෙවර

සමාජ සුභසාධන හා සමාජ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් හා නායකත්වය මඟින් ඌව පළාතේ ජීවත්වන සමාජයේ අවාසිසහගත තත්වයන්හි සිටින පුද්ගලයන්ට හිතකාමි පරිසරයක් හා අවස්ථා උදකරදීමෙන් ඔවුන් ද ඌව පළාතේ සංවර්ධනය සඳහා කොටස්කරුවන් කර ගැනීම

 

ඌව පළාතේ සමාජ සේවා දෙපාර්තමේන්තුව ගැන බිඳක්

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල නගරයේ බස් නැවතුම්පොළ සිට මීටර් 800ක පමණ දුරින් පිහිටි ඌව පළාත් සෞඛ්‍ය , දේශීය වෛද්‍ය හා සමාජ සුභසාධන අමාත්‍යංශ ගොඩනැඟිල්ලෙහි බිම් මහලේ සමාජ සේවා දෙපාර්තමේන්තුව පිහිටා ඇත.

ඌව පළාත තුළ අවාසි සහගත තත්වයේ පසුවන ජනතාව එනම්, අඩු ආදායම්ලාභීන්, ආබාධිත පුද්ගලයන්, වැඩිහිටියන්, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්, වැන්දඹු කාන්තාවන්/පුරුෂයන් සහ අවදානම් තත්වයට පත්ව ඇති පවුල් සහ පුද්ගලයන් සඳහා සහන සහ සුභසාධන සේවාවන් සපයමින් එම ජනතාවගේ කායික, මානසික හා සමාජීය සංවර්ධනය ඇති කිරීම උදෙසා කටයුතු කිරීම ඌව පළාතේ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධානතම කාර්යභාරය වේ.

ඌව පළාත් සමාජ සුභසාධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක සමාජ සේවා දෙපාර්තමේන්තුව ඌව පළාත් සමාජ සේවා අධ්‍යක්ෂගේ මඟ පෙන්වීම හා නායකත්වය යටතේ පරිපාලන නිලධාරි, මූලස්ථාන සමාජ සේවා නිලධාරි, ප්‍රධාන කළමනාකරණ සහකාර, මුදල් සහකාර ඇතුළු 81 ක් පමණ වන කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ.

ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ කාර්යභාරය උදෙසා ඌව පළාතේ බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කවල පිහිටා ඇති සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත සමාජ සේවා නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් ක්ෂේත්‍ර රාජකාරි කටයුතු සඳහා යොදවා ඇත.

එලෙස යොදවා ඇති ක්ෂේත්‍ර නිලධාරීන් හරහා සහ සමාජ සේවා දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන සේවා ලාභීන් උදෙසා සමාජ සත්කාර ඉටු කරනු ලබන සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින් ඌව පළාත තුළ පිහිටි වැඩිහිටි නිවාස 05 ක් අධීක්ෂණය කරමින් මූල්‍යමය සහය ලබාදෙන අතර උපකෘත පාසල් 02 ක් සහ බණ්ඩාරවෙල පිහිටි ආබාධිත පුද්ගලයන් සඳහා වූ වෘත්තිය පුහුණු ආයතනයද අධීක්ෂණය සහ යටිතල පහසුකම් සැපයීම සිදු කරනු ලබයි.

තවද, අධීකරණය විසින් සහ ඌව පළාතේ රෝහල් විසින් හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මගින් යොමු කරන මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූ පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීම සඳහා වූ මත්ද්‍රව්‍ය නිවාරණ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ හාලි ඇල, උඩුවර පවත්වාගෙන යනු ලබන අතර එහිදී නේවාසිකව හිඳිම්න් පුනරුත්ථාපනය වීමට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන්ට අවශ්‍ය පහසුකම් සපයා ඇත.

 

අරමුණු

  • ඌව පළාත තුළ සිටින අඩු ආදායම්ලාභි පුද්ගලයන් සහ එම පවුල්වල දරුවන් සෞඛ්‍ය, ආර්ථික, සමාජීය සහ අධ්‍යාත්මික වශයෙන් සංවර්ධනය කිරීම
  • අඩු ආදායම්ලාභී ආබාධිත පුද්ගලයන් නඟා සිටුවීම
  • විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සහ පුද්ගලයන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීම
  • වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්ගේ ආරක්ෂාව සහ රැකවරණය තහවුරු කිරීම
  • අවාසි සහගත තත්වයට පත්ව සිටින කාන්තාවන්ගේ ජීවන තත්වය ඉහළ නැංවීම
  • ආබාධ සහිත තැනැත්තන් සඳහා අවශ්‍ය වන උපකරණ (රෝදපුටු, අත්වාරු,කිහිලිකරු, ශ්‍රවණ උපකරණ යනාදි) නිකුත් කිරීම