ඌව පළාත තුළ ස්ථාපිත කර ඇති බදුල්ල,තල්දෙන,මොණරාගල යන බන්ධනාගාර මූලික කර ගනිමින්, බන්ධනාගාර ගත රැඳවියන්ගේ මානසික සෞඛ්‍ය සංවර්ධනය කිරීමේ අරමුණින් සහ ඔවුන්ගේ ආකල්ප සංවර්ධනය කිරීමේ අරමුණින්, ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව මඟින් 2024 වර්ෂයේ බන්ධනාගාර රැඳවියන් සඳහා සංගීතමය රසාස්වාදන වැඩසටහන් 03ක් සාර්ථකව සිදු කරන ලදි.